ඔබ කිව්ව සුලගම
අද තවම එනවා
කවුලු තුලින් විත්
මට තුරුලු වෙනවා
රෝස සුවදත් තවම තියෙනවා
ඔබේ උනුහුම පමනක් නෑ
ඔබ පෙම් අසපුවක
කාටදෝ තුරුලු වෙනවා
සදක් වෙන තුරු එලිය දුන් මට
සදක් වී නුඹ පහන් උනු දා
දුන්නු තිලිනයෙ
මිහිර විද විද
ගිලන් වූ හිතින් ගතින්
මා මියදෙනවා
මගෙ නෙත් පියවෙනවා