ජීවිතය කියවීම....







                                     මේ  පිටුවේ  නම ජීවිතය කියවීම.නමුත් මේ ලිය වෙන්නේ තාත්තා ගැන.ටිකක් සංවේදී මාතෘකාවක්.මුලින්ම තාත්තා කියන කෙනා ඇති වෙන්නේ කොහොමද කියල හිතුවොත් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් සමග ප්‍රේමයක් ඇති කරගෙන දරුවෙක් ඉපදුනාම තාත්තා කෙනෙක් වෙනවා.මේක ඇත්ත වෙන්න පුළුවන්.තාත්තා කියන අකුරු තුන ලෝකේ වෙනස් කරන සාධකයක්.මේ මහා  වෘක්ෂයේ සෙවන  ලබන්න  දරුවෝ වෙච්ච අපිත් ගොඩක් පින් කරලා ඇති.මේ කතාව අමරදේව මහත්තයාගේ සින්දුවක හරියටම විස්තර කරලා තියෙනවා.

ඒ සින්දුවේ  තියෙනවා 
තාත්තා වුනත් ම ගත සරි කරන
අම්මා නුබයි මගේ දරු දැරියන් රකින.. 

"මට පෙර උරුම සෙනෙහස දරුවන්ට දෙමින්  ".මම දකින විදියට තාත්තා ගැන කාටත් දැනෙන්න මේකේ කියල තියෙනවා.අපි කව්රුවත්  අපිට අයිති දෙයක් කාටවත් දෙන්නේ නෑ.තමන්ට හිමි අහිමි බව උපේක්ෂාවෙන් විදාගන්නේ පිය සෙනෙස නිසයි.පරිත්‍යාගය පාරමිතාවක්.පාරමිතා පුරන්නේ බුදුවරු.තාත්තත් තමන්ට හිමි බිරිදගේ සෙනෙහස දරුවන්ට පරිත්‍යාග කරන්නේ බුදු වෙන්න පෙරුම් පුරාගෙන දෝ කියල හිතෙනවා.දරුවන් ලොකු වෙනවා දරුවෝ ලෝකය දකින්නේ අම්මගෙයි තාත්තගෙයි ඇස් වලින්.ඉතින් පුංචි අපේ ලෝකේ ඉන්න බලවත්ම පුද්ගලයා තාත්තා වෙනවා.අවුරුදු 4-5 වෙනකොට මොන්ටිසෝරි යනවා.ලෝකය ගැන තාමත් තාත්තාගෙන්  අපි අහල දැනගන්නවා.අපි ටික ටික ලොකු වෙනකොට තාත්තා සමහර දේවල අපි තරම් දන්නේ නෑ  කියල අපිට හිතෙනව.හැබැයි එක ඇත්ත නෙවෙයි මොකද ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා.අපි ඉගෙන  ගෙන ඉවර වෙලා අපිට ජීවිතය තනියම පටන්ගන්න දවසක අයි තාත්තගේ අවවාද,අත්දැකීම්  ඕන වෙනවා.මට මේක ගොඩක් තදින්ම දැනෙනවා මගේ රත්තරන් තාත්තා අපෙන් සමු අරන් දෑස පියාගෙන මස හයක් ගත වෙනවා.තාත්තා කෙනෙක් දරුවෙක් ගේ ජිවිතයට නැති අඩුව කාටවත් පියවන්න බෑ.එක තමයි ඇත්ත. 


    තාත්තා නැති අඩුව මකන්න අම්ම කෙනෙක් දරන මහන්සිය කොයි වගේද කියලා මේ පද  පෙලේ සංවේදී විදියට සටහන් වෙනවා.කොහොම වුනත් තාත්තා කරපු දේවල් අපිට ළගා වෙන්න වත් බෑ කියලයි මට දැනෙන්නේ.අපේ ජිවිතේ සමහර දේවල් කාලය විසින් අවලංගු වෙලා යනවා.එත්  තාත්තගේ  වටිනාකම් දිනෙන් දින වැඩි වෙනවා.මම අද දරුවෙක් විදියට විශ්වාස කරන දෙයක් තියෙනවා.මතු බුදූ වෙන අම්මලට විවරණ දෙන්න තමයි තාත්තල  බිහිවෙන්නේ.ඉතින්  මේ ලෝකේ ඉන්න හැම  අම්ම කෙනෙක් ,තාත්තා කෙනෙක්ම මතු බුදූ වෙන්න ඕනේ .   ..

..